Bitter experiences are left to the past – I do not want to reflect on them

343

ලංකායූත් චැට් හරහා අපි මෙවර කතා බහට එක් කර ගත්තේ මීට වසර කිහිපයකට පෙර තරුණයා පුවත්පත, ස්වර්ණවාහීන් රූපවාහිනි නාලිකාව සමග එක්ව ඉදිරිපත් කරන ලද තරුණයා ටොප් 20 ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි අලව්වේ උචිත ධනුෂ්කයි. මේ ඔහු සමග අප කළ කතා බහයි.

ධනුෂ්ක අපි කැමැතියි ඔයා කවුද? මොනවද කරන්නේ කියලා විස්තර ටිකක් දැන ගන්න.
ඔව්… මම උචිත ධනුෂ්ක ඈපා. මම දැනට පුද්ගලික ආයතනයක රැකියාව කරන අතරතුර අන්තර්ජාලය හරහා රැකියාවක් කරනවා.

ඔයාගේ පවුලේ සහ පාසල් කාලය ගැනත් විස්තර ටිකක් කියමුද?
මම පවුලේ වැඩිමලා. අම්මා, තාත්ත, මල්ලි තමයි මගේ පවුලේ සෙසු සාමාජිකයන්. පාසල් කාලය ගැන කියනවනම් මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නෙ අලව්ව රතනාලංකාර පාසලෙන්. පසුව තුල්හිරියෙ ධර්මසිරි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබුවා.

ඔබ රංගන ක්ෂේත්‍රයට යොමු වූයේ කෙසේද?
රංගනයට තියන ආසව නිසාම ඉල්ලුම්පත්, ඒවගේම ඔඩිශන්වලට යනවා. ඔය අතර මං අන්තර්ජාලය හරහා යොමු කරපු අයදුම් පතකට ජගත් වික්ක්‍රමසිංහ මහත්මයාගේ ගීතයක පසුබිම් රංගනයට තෝරගෙන කතා කරනවා. ඒ විදියට තමා සම්බන්ධ වෙන්නෙ.

මේ වන විට ඔබ රංගන ක්ෂේත්‍රයේ දායක වී ඇති නිර්මාණ ගැන කතා කළොත්.
මම මේ වෙනකොට ගීත පසුබිම් රංගන කීපයකට දායක වෙලා තියෙනවා.

එම නිර්මාණයන්ට දායකවීමේදී ඔබ ලබපු අත්දැකීම් ගැනත් කියමුද?.
ඇත්තටම මම ඒ හරහා ලොකු අත්දැකීමක් ලබාගත්තා. කැමරාව ඉදිරියේ මුහුණ දෙන විදිය වගේම තවත් අත්දැකීම ලබා ගත්තා.

ඉදිරියේදී ඔබ දැක ගන්න පුළුවන් නිර්මාණ මොනවද?
කෙටි චිත්‍රපටකට ආරාධනා ලැබිල තියනවා. ඔබට ඒ හරහා ඉදිරියේදී මාව දැකගන්න පිලිවන්,

මොනවද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඇත්තටම රංගනය පැත්තෙන් ඉදිරියට යන්න වගේම රංගනය ගැන හදාරන්නත් බලපොරොත්තුවෙන් ඉන්නවා.

රංගන ක්ෂේත්‍රයේදී දකින්නට අකමැති දේ මොකක්ද? ඒ වගේම ඔබ මුහුණ දුන් අමිහිරිතම අත්දැකීම ගැනත් කියමුද?
අකමැතිමදේ… රංගනයට යොමුවුණ අලුතෙන් එන අයට මේකට එන්න තියන අපහසුතාව ගැන තමයි. අමිහිරි අත්දැකීම් ගැන කතාකරන්නම් ඇත්තටම මං අකමැති මොකද මං එය අතීතයට අතහැර ඉවර නිසාවෙන්. එය ආවර්ජනය කරන්න අකමැතියි. මං එක දකින්නෙ මා පසු කර ගිය දෙයක් විදියට.

මේ ක්ෂේත්‍රයේ මේතාක් දුර එන්න ඔබට උදව් උපකාර කළ පිරිස ගැනත් මතක් කරමුද?
ඇත්තටම මට මේ වෙනකොට ගොඩාක් අය උදව් කරල තියෙනවා. නම් වශයෙන් කියනවා නම් ගොඩාක් අය ඉන්නවා. විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕනි චාමික මංජුල අයියට සහ චතුර දිසානායක මල්ලිට.

අවසන් වශයෙන් මොනවද ඉදිරියේදී කරන්න බලපාපොරොත්තු වෙන්නේ. ඔබ කොහොමද සම්බන්ධ කර ගන්නේ.
ඇත්තටම ඉදිරියේදී හොද නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ටෙලි නාට්‍ය, චිත්‍රපට, වෙළඳ දැන්වීම් වගේ නිර්මාණවලට දායකත්වය සපයන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. 078 800 80 80 / 0711 31 70 70 යන දුරකථන අංක හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

 

Through Lankayuth Chat, we have added Alawwe Uchitha Danushka, who entered the field through the Top 20, which was presented by the youth newspaper and Swarnavahin TV channel a few years ago. This is the conversation we had with him.

Danushka we like Who are you? Find out some details of what to do.
Yes … I am the appropriate Danushka Epa. I am currently working in a private company while working online.

Can you tell us a little bit about your family and school time?
I am the eldest in the family. Mom, Dad, and brother are the rest of my family. As for my school days, I received my primary education at Alawwa Rathanalankara School. Later he studied at Dharmasiri Senanayake Central College, Thulhiriya.

How did you get into acting?
Because of my passion for acting, I go to applications and auditions. In the meantime, I am selecting and speaking for a background song of a song by Mr. Jagath Wickramasinghe for an application I submitted online. That’s how he connects.

If you talk about the creations that have contributed in the field of acting so far.
I have contributed to several background plays so far.

Tell us about your experience contributing to those creations.
I really got a great experience through it. I got another experience as well as the way I face in front of the camera.

What designs can you see in the future?
Invitations have been received for a short film. You can see me through it in the future,

What do you hope to do in the future.
I really hope to go further in acting as well as learn about acting.

What do you dislike to see in the acting field? And tell us about the most bitter experience you have ever had?
What I don’t like … is the inconvenience to newcomers to acting. Talk about rubbing salt in my wounds – d’oh! Reluctant to reflect on it. I see it as something I have passed on.

Remember the people who helped you get this far in this field?
Actually a lot of people have helped me by now. Namely, there are a lot of people. Special thanks to Chamika Manjula Aiya and Chathura Dissanayake Malli.

Finally what do you hope to do in the future? How do you get in touch.
Really looking forward to contributing to better creations in the future. We hope to contribute to productions such as teledramas, films and advertisements. You can contact me on 078 800 80 80/0711 31 70 70.

[Please note that this has been translated using Google Translate and may change the meaning of some words.]

 

Comments
Loading...

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept