Nethuki is the little fashionista who comes to your house with Piumi at the Kopi Kade teledrama

347

නෙතුකි, අපි කැමැතියි ඔය ගැන විස්තර ටිකක් දැන ගන්න.
මම නෙතුකි නෙතුමලි. මම ඉගෙන ගන්නේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ අට වසරේ. මේ වෙද්දි ළමා නිවේදිකාවක් විදිහටත් හඬ කැවීම් ශිල්පිනියක් සහ ළමා රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරගෙන යනවා.

ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියමුද?
මගේ පවුලේ අම්මයි, තාත්තයි අක්කයි අයියයි, මමයි. මම තමයි පවුලේ බාලයා.

කොහොමද රංගන ක්ෂේත්‍රයට යොමු වුණේ කියලා කියමුද?
අම්මා තමයි මාව මේ ක්ෂේත්‍රයට මුලින්ම යොමු කළේ. ඊට පස්සේ මං මුලින්ම ITN එකේ ගිය B Report ටෙලි නාට්‍යයට ප්‍රභාත් දුෂ්‍යන්ත මාමා මාව තෝරා ගත්තා. එහෙම තමයි මම රංගන ක්ෂේත්‍රයට යොමු වුණේ.

ඔබ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායකත්වය සපයනවා. කොහොමද ඒ සඳහා සම්බන්ධ වන්නේ.
ඔව්… මම මේ දිනවල ITN ඔස්සේ විකාශය වන මහපොළොව ටෙලි නාට්‍යයේ සිංගිගේ පොඩි කාලයේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය සඳහා ළමුන්ගේ ඡායාරූප එවන්න කියලා සිනේ ටෙලි වේදිකාව කියලා එකක ෆේස්බුක් එකේ පෝස්ට් එකක් තිබුණා. ඒකට මගේ පොටෝ එකක් අම්මා දැම්මා. එකෙන් තමයි සුමිත් රත්නායක මාමා මාව තෝරගෙන එන්න කියලා කිව්වේ.

දැනට රංගනයෙන් දායක වූ සහ ඉදිරියේදී දැක ගන්න පුළුවන් ටෙලිනාට්‍යගැනත් කියමුද?
ITN ඔස්සේ විකාශය වන මහපොළොව ටෙලි නාට්‍යයේ සිංගිගේ පොඩි කාලේ චරිතයට රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. B Report ටෙලි නාට්‍යයේ අචිනි කුලරත්න කියන චරිතය, කෝපිකඩේ ටෙලි නාට්‍යයේ පියුමිගේ චරිතය, කඳුළු මල් කෙටි චිත්‍රපටයේ කමනිගේ චරිතය, ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ පෝය ටෙලි නාට්‍යයක් වූ පංචායුධ ටෙලි නාට්‍යයේ සමාධිගේ චරිතය, බෞද්ධයා නාලිකාවේ විකාශය වූ නොදුටු අවුරුද්ද ටෙලි නාට්‍යයේ සචිනිගේ චරිතයට මම රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා.
ඒ වගේම සුදත්ත තිලකසිරි මාමාගේ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. ඒක ඉදිරියේදී රූපවාහිනියෙන් මගේ යහළුවන්ට දැක ගන්න පුළුවන්.

දැනට හඬකැවීම්වලින් දායකත්වය සපයා ඇති නිර්මාණ මොනවද?
දෙරණ නාලිකාවේ සැමි 2 සහ චෝටාබින් කාටුන් චිත්‍රපටවල, හිරු ටී.වී. නාලිකාවේ ශනි කතා මාලාවේ වගේම ITN හි විකාශවූ The Grinch ඉංග්‍රීසි චිත්‍රපටයට හඬකැවීමෙන් දායකත්වය සපයා තිබෙනවා.

එහිදී ඔබ ලබපු අත්දැකීම් ගැන කිව්වොත්
අත්දැකීම් ගැන කියනවා නම්…. ඇත්තටම ගොඩක් අත්දැකීම් මට ලැබුණා. මට අමතක නොවනම අත්දැකීම තමයි මහපොළව ටෙලි නාට්‍යයේ “කාක්කි” කියන චරිතය. ඒ කියන්නේ මගේ මියගිය අම්මා මගේ ඇඟට ආරූඪ වෙන කොටස මට කවමදාවත් අමතක නොවන අත්දැකීමක්.

මොනවද ඉදිරි බලාපොරොත්තු?
මට තව ටෙලි නාට්‍යයකයි, චිත්‍රපටයකයි රංගනයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට ලොකු වුණහම මං ආසයි තාරකා විද්‍යාඥයෙක් වෙන්න. ඒ වගේම නිවේදන කටයුතු සහ හඬකැවීම් කටයුතු යන සියල්ල සමබරව කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.

රංගන කටයුතු පාසල් ගමනට බාධාවක් නෙවෙයිද?
නෑ… මං මේ බාහිරව කරන කිසිම දෙයක් ඉගෙනීමට බාධාවක් කර ගන්නේ නැහැ. ඒ හැම දෙයක්ම කරන ගමන් මං ඉගෙනීමත් ඉතා හොඳින් කරගෙන යනවා.

රංගනයට අමතරව හඬකැවීම්වලත් නිරත වී සිටිනවා කිව්වානේ… ඒ ගැනත් විස්තර ටිකක් කියමුද?
ඔව්… මං රංගනයට අමතරව දෙරණ FM එකේ “පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණ” වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. ITN, රූපවාහිනී සහ හිරු TV යන නාලිකාවල හඬකැවීම් කටයුතුවල නිරත වෙනවා. ගුවන් විදුලියේ “සරස්වතී” මණ්ඩපයේත් නිවේදන කටයුතුවල නිරත වෙනවා.

රංගනය, හඬකැවීම් ආදායිට ගෙදරින් එහෙම නැත්නම් දෙමාපියන් ඇතුළු පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදර හැමෝගෙන්ම මට මේ සඳහා උදව් ලැබෙනවා. අක්කයි, අයියයි තමයි මගේ වැඩවල හොඳ නරක අඩුපාඩු හදන්නේ. මගේ අම්මා තමයි මාව මේ හැමදෙයක් සඳහාම අරගෙන යන්නේ. මට උදව් කරන්නේ. කාර්ය බහුල වුණත් තාත්තාත් ඉඩ තියෙන හැම වෙලාවේම මට උදව්කරනවා. මගේ ගමන සාර්ථකව කරගෙන යන්න.

අවසන් වශයෙන් කවුද ඔයට මෙම කටයුතුවලට උදව් උපකාර කරන්නේ.
මගේ අම්මා තමයි මගේ හැමදේකටම මට උදව් කරන්නේ. තව මට මේ ගමන එන්න, මුලින්ම දෙරණට එන්න උදව් කළේ ගයනි කියලා ඇන්ටි කෙනෙක්. එතැනින් පස්සේ දිල්රුක්ෂි, වාසනා, ශානි, මධූ අක්කලා හඬකැවීම් සහ නිවේදනයේදී මට උදව් වුණා. රංගනයට මුලින්ම මාව සම්බන් කර ගන්නේ ITN එකේ ප්‍රභාත් දුෂ්‍යන්ත මාමා. එයාගේ ගොඩක් නිර්මාණ සඳහා මාව සම්බන්ධ කර ගත්තා. සුමිත් රත්නායක මාමාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මහ පොළොව වගේ දැවැන්ත නිර්මාණයක
සිංගිගේ ළමා කාලය රඟපෑමට අවස්ථාව ලබාදුන්නාට. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන සුමිත් රත්නායක මාමා, තනුජාවි විජේවික්‍රම අක්කා, කසුන් වික්‍රමසිංහ මාමා, ගුවන් විදුලියේ ඉඳුනිල් මාමා, ප්‍රභාත් දුෂ්‍යන්ත මාමා, ගයාන් මහගලගේ මාමා මේ අය නිසයි අද මට මේතරම් ලස්සන ගමනක් යන්න පුළුවන් වුණේ.

 

PDF පිටපත මෙතැනින් කියවන්න/භාගත කර ගන්න.

Nethuki, we would like to know some details about you.
I am Nethuki Nethumali. I am studying in the eighth year of Mount Lavinia Buddhist Girls’ College. At present I am working as a children’s announcer, voice actor and child actress.

Tell us a little about your family?
My family is mom, dad, sister and brother, me. I am the youngest in the family.

How did you get into acting?
It was my mother who first introduced me to this field. Then I first went to ITN for the teledrama B Report and Prabath Dushyantha uncle selected me. That’s how I got into acting.

You are contributing to a teledrama that is being telecast these days. How to get involved.
Yes … I am currently contributing to Singi’s childhood role in the teledrama Mahapolawa which is being telecast on ITN. Also, there was a post on Facebook called ‘Cine Tele-Platform’ to send children’s photos for the teledrama. Mom put a photo of me on it. That is why Uncle Sumith Ratnayake asked me to come and pick him up.

What about the teledrama that is currently starring and will be seen in the future?
He has contributed to Singi’s childhood role in the teledrama Mahapolawa telecast on ITN. B Report The role of Achini Kularatne in the teledrama, Piumi’s role in the teledrama Kopikade, the role of Kamani in the short film Kandulu Mal, the role of Samadhi in the teledrama ‘Panchayudha’ which was telecast on Independent Television Provided.
He has also contributed to a leading role in a teledrama to be telecast by Uncle Sudaththa Thilakasiri. My friends can see it on TV in the future.

What designs have contributed to the vocals so far?
In Derana channel’s Sammy 2 and Chotabin cartoon movies, Hiru TV. He has also contributed vocals to the channel’s Saturn series as well as to the English film The Grinch, which aired on ITN.

If you talk about the experience you had there
As for the experience … I really had a lot of experience. The most memorable experience for me was the character “Kakki” in the teledrama Mahapolawa. That is, the part where my dead mother touches my body is an experience I will never forget.

What are the future prospects?
I have had the opportunity to act in another teledrama and a film. Then when I grow up I want to be an astronomer. I also look forward to balancing announcements and vocals.

Isn’t acting an obstacle to going to school?
No … nothing I do outside of this is a hindrance to learning. While doing all that, I continue to study very well.

It was said that in addition to acting, he was also involved in vocals … Can you tell us a little bit about that?
Yes … In addition to acting, I also do announcements on Derana FM’s “Ayubowan Derana with Punchi Tharu” program. He is also a voice actor on ITN, Rupavahini and Hiru TV. I am also making announcements at the Saraswathi Campus of the radio station.

What kind of support do you get from acting, singing, etc. at home or from parents and family?
I get help for this from everyone at home. My sister and brother are the ones who make the good and the bad of my work. My mom is the one who takes me through all this. Is helping me. Although busy, Dad always helped me whenever I could. Continue my journey successfully.

Finally, who will help you in this endeavor?
My mother helps me with everything I do. An aunty named Gayani helped me to come to Derana first. After that Dilrukshi, Vasana, Shani, Madhu sisters helped me with the voices and the announcement. The first person to contact me for acting is Prabhat Dushyantha Mama of ITN. He contacted me for a lot of his creations. I also thank Uncle Sumith Ratnayake from the bottom of my heart. In a massive creation like the earth
Singer’s childhood was given the opportunity to act. Also, it should be specially mentioned that Uncle Sumith Rathnayake, Thanujavi Wijewickrama Akka, Kasun Wickramasinghe Uncle, Radio Indunil Uncle, Prabath Dushyantha Uncle, Gayan Mahagalage Uncle were the ones who enabled me to go on such a beautiful journey today.

This was translated via Google Translate. Some words may contain misconceptions.

Comments
Loading...

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept