Three of Sri Lanka’s most coveted Pageants – King Doctor Prasad

903

Mrs Global Universal Sri Lanka 2020, Mrs.Ocean World Sri Lanka 2019 සහ Young Beauty of Sri Lanka 2019 තරගාවලිය පසුගියදා කොළඹ සපයා හෝටලයේදී පැවැත්වුණා.

එහිදී Mrs Global Universal Sri Lanka 2020 කිරුළ දිනා ගැනීමට Tania Meliza සමත් වූ අතර Mrs Ocean World Sri Lanka 2019 කිරුළ දිනා ගැනීමට සමත් වූයේ Yashmi Walakadawattaය.

Shahashra Rashmi,  Young Beauty of Sri Lanka 2019 කිරුළ දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනී තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මාධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා, ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රධාන කළමනාකාර නිෂාන් සුබසිංහ මහතා, රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා, දිපා එදිරිසිංහ මහත්මිය සහ මහාචාර්ය ආරියවතී ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මීට අමතරව ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවීන රංගන ශිල්පිනී විනා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, නිරෝෂා හේරත්, නිලන්ති ඩයස්, කුමාර රණේපුර සහ ප්‍රවීණ මෝස්තර නිරූපණ පුහුණු උපදේශකවරුන් වන සේනක ද සිල්වා, නික් ජයමහ යන මහත්වරුන් සහ ඇල්ල ෆ්ලවර් ග්‍රෑන්ඩ් හෝටලයේ අධිපති ශෂික බඹරැන්ද මහත් සහ ඔහුගේ බිරිඳ ශෂිකා සෙල්ලහේවා මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ගයාන් සේනානායක, මලිත් රණසිංහ, රම්සි රහ්මන්, කාවින්ද ලෙස්ලි, හිලරි ඇන්තනි දෙනිපිටිය යන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.

ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රීං ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩිමාල් ජයසූරිය මහතා ද මෙම අවස්ථාවට ආරාධිත අමුත්තෙකු ලෙස එක්වූයේය.

මිසිස් ඕෂන් වර්ල්ඩ් 2019 උපදේශක මණ්ඩලය ලෙස ෆේත් ලැන්ඩර්ස් මහත්මිය (Mrs. Faith Landers), ඩිමාල් ජයසූරිය මහතා, එමා ඒබ්‍රහම්, නිඛි ඒබ්‍රහම්, ඩිලාන් ජයසූරිය, දිනේෂ් ජයසූරිය සහ දේශමානය අමිල ගලප්පත්ති යන මහත්ම මහත්මීන් කටයුතු කරන ලදී.

මෙම තරගාවලියේ නිවේදන කටයුතු ප්‍රවීන නිවේදිකා දිනුෂා රාජපතිරණ විසින් සිදු කරන ලදී.

මෙම තරගාවලියේ කිරුළු නිර්මාණය දකුණු ආසියාවේ ස්වර්ණභර්ණ නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයක් වන ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රිං ආයතනය විසින් සිදු කරන ලදී.

තරගාවලියේ සියලුම රූපලාවන්‍ය කටයුතු සිදු කරන ලද්දේ රුවෝමා සැලෝන් සහ ඇකඩමිහි (Ruwoma Salon & Academy) අධිපතිනී ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ඉනෝකා සංජීවනී බෝගහවත්ත මහත්මිය විසිනි.

තරගවාලියේ ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය සියලු ග්‍රැෆික් නිර්මාණ කටයුතු ක්‍රිශාන් ස්මිත් මහතාගේ මැග්නටි ග්‍රැෆික් ආයතනය විසින් සිදු කරන ලදී.

 

Comments
Loading...

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept