Everyone knows …. Candy girls are ready to talk about things that no one knows

සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්න රස්සාවක් කරනවා. සමහරු බිස්නස් කරනවා. සමහරු රස්සාවට කරන්නේ එහෙම බිස්නස් ඇතුලට රිංගල එහෙමත් නැත්නම් රස්සා කරන තැන්වලට රිංගල ඒවායේ අනාගතේ තීරණය කරන එක. අපි හැමෝම දන්නවා උනත් මාතෘකාවට බඳුන් නොවෙන කොච්චර නම් දේවල් තියෙනවද?

අපි දැකලත් නොදැක්ක වගේ යන අවස්ථා කොච්චර තියෙනවද? කවුද ඒ දේවල් ගැන කතා කරන්නේ? කවුරුවත් නැහැ. සමහරවිට CANDY ළමිස්සි ඒවා ගැන හොයාවි. තරුණ කෙල්ලක් වටා දිවෙන මෙම ටෙලිනාට්‍යය කතා නොකලත් සැවොම දන්නා, දන්නා මුත් කිසිවෙකුත් වචනයක් වත් කතා නොකරන මාතෘකා කිහිපයක් පාදක කොටගන ගලා යයි.

මෙම ටෙලි නාට්‍යය සමාජයේ අප කතානොකරන පැතිකඩක් ප්‍රේක්ෂකයන්ට විවර කරයි. Candy ළමිස්සි කොටස් වශයෙන් පලවන නාට්‍යය Reelyf Youtube නාලිකාවෙන් ළඟදීම එලි දකී .

Reelyf නාලිකාව subscribe කර ලෑස්ති වී සිටින්න.

ටෙලි නාට්‍යය : Candy ළමිස්සි
පිටපත සහ අධ්‍යක්ෂණය : චාමර ජනරාජ් පීරිස්
නිෂ්පාදනය : කපිල නවරත්න
කැමරා අධ්‍යක්ෂණය : මංජුල කුමාරතුංග
සංස්කරණය : ලක්රුවන් ද සේරම්
සංගීත අධ්‍යක්ෂණය : මයුර වික්‍රමරත්න
ගී පද රචනය : තුෂානි බුළුමුල්ල
ගී ගායනය හා තනුව: ජයශ්‍රී
කළා අධ්‍යක්ෂණය /නිෂ්පාදන කළමනාකරණය : මාලින්ද මදුසංක
අංග රචනය : අරුණ ශාන්ත ජයසුරිය
දෙවන සහය අධ්‍යක්ෂණය : හිරෝෂිනී ගුණසේකර

Candy ළමිස්සිTeledrama
Comments (0)
Add Comment